කුසට අහරක් නැතිව
කයට දුහුල් සළු නැතිව
ගිනි අව්වට වේලි වේලී
මහ වැස්සට කඩ පිල්යට
මහතුන් හට දෑත යොමමින්
ඇණුම් බැණුම්....
රැවුම් ගෙරවුම්....
අපහාස උපහාස....
නොමද ලබමින්
අපා දුක් විදින්නේ
කිම්ද ?
නුඹ කළ අකුසල.
තනන්නට යහපත් අනාගතයක්,
අපමණ වෙහෙසක් ගත් බව
මම දනිමි....
ලබා ජය හිනැහෙන විට මා
නිබඳ....
නුඹ දෙපළ තුටු වුණා
සරණක්ව නිතින් මා පසුපස සිටි බව
අභියෝග හමුවේ නොසැලෙන වීරිය
නුඹ දෙපළ නිතින දුන් බව
නුඹයි මව්ණි පියාණනි මා සඳා…..
නැත මාවතක්
ඇවිද යාමෙන්
තබන ලද පා සලකුණු මිස..
අඩියෙන් අඩිය
පා සලකුණු තබා
ඇරඹූ මාවතම මිස..
යා යුතුය ඒ මාවතේ
නොසැලී ඉදිරියටම
කටු පඳුරු ගල් බොරලු
හමුවේ උවද..
මන්ද,
ඒ මා සෑදු, මට හිමි මවත නිසාමය...