මුලු විශ්වයටම
ජීවය දෙන
අහස් කුස සිපින
මහා රුක්ෂයෝ
මුලින් උදුරා
බිම හෙළති
වැඩගම්මකට නැති
මහා බොල්
සැඩ සුළන්
සිත් පිත් නැතිව.
කාක්කන්
වසරු හෙළුවද
ගල් පිළිමය
නිරුත්තරය......
උවැසියන්
මල් පුදා
වැන්දද
සිප් සතරින් එතෙර වීමට
මාන බලමින් සිටි
ඈ
පසු පස
මම
බෝ දුරක්
ඇවිද ගියෙමි ....
නැවතුණෙමි
ඇය
නොනැවැතිණ
මවෙත එන්නට
ඇයට
බැරි නම්.............
යන්න ඈතට !
මුසපත් නොකොට
මා සිත !
නොබලමි මින් මනත
තවදුරටත්
ඇය දෙස .
කුසට අහරක් නැතිව
කයට දුහුල් සළු නැතිව
ගිනි අව්වට වේලි වේලී
මහ වැස්සට කඩ පිල්යට
මහතුන් හට දෑත යොමමින්
ඇණුම් බැණුම්....
රැවුම් ගෙරවුම්....
අපහාස උපහාස....
නොමද ලබමින්
අපා දුක් විදින්නේ
කිම්ද ?
නුඹ කළ අකුසල.