Monday, December 6, 2010

.. අවිදු අඳුර දුරලූ නුවණ පහන නිවුණා..

මුලු විශ්වයටම

ජීවය දෙන

අහස් කුස සිපින

මහා රුක්ෂයෝ

මුලින් උදුරා

බිම හෙළති

වැඩගම්මකට නැති

මහා බොල්

සැඩ සුළන්

සිත් පිත් නැතිව.





Saturday, November 6, 2010

....පිළිම....

කාක්කන්

වසරු හෙළුවද

ගල් පිළිමය

නිරුත්තරය......

උවැසියන්

මල් පුදා

වැන්දද

ගල් පිළිමය

නිරුත්තරය

Tuesday, October 19, 2010

ifo++


.....ඔබ සැමට ආරාධනා.....

Tuesday, September 14, 2010

??? ?.. . ඔබ . ..? ???



ඇසින් නොව
ඔබ
සිතින් දකිමින්…...
ඔබ ?
සොයා සිත
දුර ගිහින්……
කුමරියයි
ඔබ ?
මසිත සනසන
එනු මැන
පියවි ලොකෙට
එතෙක් මා
හිදිමි
ඔබ ?
එනතුරා......

Wednesday, August 4, 2010

..........අතහැරීම..........

සිප් සතරින් එතෙර වීමට

මාන බලමින් සිටි

පසු පස

මම

බෝ දුරක්

ඇවිද ගියෙමි ....

නැවතුණෙමි

මම

ඇය

නොනැවැතිණ

මවෙත එන්නට

ඇයට

බැරි නම්.............

යන්න ඈතට !

මුසපත් නොකොට

මා සිත !

නොබලමි මින් මනත

තවදුරටත්

ඇය දෙස .

Thursday, July 29, 2010

....................අසරණයෝ....................


කුසට අහරක් නැතිව

කයට දුහුල් සළු නැතිව

ගිනි අව්වට වේලි වේලී

මහ වැස්සට කඩ පිල්යට

මහතුන් හට දෑත යොමමින්

ඇණුම් බැණුම්....

රැවුම් ගෙරවුම්....

අපහාස උපහාස....

නොමද ලබමින්

අපා දුක් විදින්නේ

කිම්ද ?

නුඹ කළ අකුසල.

Tuesday, July 20, 2010

..........මම දනිමි.........


තනන්නට යහපත් අනාගතයක්,

අපමණ වෙහෙසක් ගත් බව

මම දනිමි....

ලබා ජය හිනැහෙන විට මා

නිබඳ....

නුඹ දෙපළ තුටු වුණා

මම දනිමි....

සරණක්ව නිතින් මා පසුපස සිටි බව

මම දනිමි....

අභියෝග හමුවේ නොසැලෙන වීරිය

නුඹ දෙපළ නිතින දුන් බව

මම දනිමි....

ඒ අන් ක්සිවෙකුත් නොව

නුඹයි මව්ණි පියාණනි මා සඳා…..